2013-11-30

නිල්වලා ගඟේ කැටයම් චින්තකගේ සිරුරද?

නිල්වලා ගෙඟ් වැල්ලතොට ප‍්‍රදේශයේ පාවෙමින් තිබියදී ඊයේ සවස සොයාගැනුණු සිරුර කඹුරුපිටිය ද්විත්ව ඝාතනයේ ප‍්‍රධාන සැකකරුගේ දැයි සැක මතුව තිබෙනවා. එම සැකකරු කැටයම් චින්තක නමැත්තෙක්. ඔහුගේ ඥාතීන් කිහිපදෙනෙකු සිරුර නිරීක්ෂණය කර තිබෙනවා. ඔවුන් ප‍්‍රකාශ කර තිබෙන්නේ ඇතැම් සමානතා තිබුණද මියගොස් සිටින්නේ කැටයම් චින්තක දැයි තහවුරු කර කිව නොහැකි බවයි. එම සිරුර දැඩි ලෙස නරක් වී තිබීම සහ සතුන්ගේ සපාකෑම්වලට ද ලක්ව තිබීම ඊට හේතු වී තිබෙනවා. සිරුරේ වම් අත නොමැති අතර, ඇඳ සිටින්නේ කලිසමක් සහ අත් දිග කමිසයක්. 
මේ අතර කඹුරුපිටිය ද්විත්ව ඝාතනයේ සැකකරුවන් තුන්දෙනෙකු දැනටමත් මියගොස් තිබෙනවා. ඔවුන්ගෙන් එක් අයෙකු මියගියේ පොලිසියට ආයුධ පෙන්වීමට ගොස් ඇතිවූ ගැටුමකදී පොලිසිය කළ වෙඩි තැබීමකින්. අනෙක් සැකකරුවන් දෙදෙනා පොලිසියට ආයුධ පෙන්වීමට ගොස් හක්මණ දෙනගම වැවට පැන පලා යාමට උත්සහ කිරීමේදී දියේ ගිලීමෙන් මියගියා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.