2013-11-30

කොම්පඤ්ඤවීදියේ තවත් සුදු පොළක් වටලා 12 දෙනෙකු අත්අඩංගුවට

කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ පවත්වාගෙන ගිය තවත් සූදු පොළක් පොලිසිය විසින් ඊයේ රාත‍්‍රී වටලනු ලැබුවා. සූදු ක‍්‍රීඩාවේ යෙදී සිටි පුද්ගලයින් 11 දෙනෙකු සහ එහි කළමනාකරු ද එහිදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. පසුව අනිද්දා කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ පෙනී සිටින්නැයි උපදෙස් දී ඔවුන් සියලූදෙනා පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා. 
මේ අතර කොම්පඤ්ඤවීදිය පොලිස් බලප‍්‍රදේශයේම කොළඹ පුරහලට සමීපව පිහිටි මහාපරිමාණ සූදු පොළක් පොලිසිය විසින් මීට පෙර අවස්ථා දෙකකදී වටලනු ලැබුවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.