2013-11-07

සතියකට දින දෙකක් බන්ධනාගාර රැඳවූවන්ට පළතුරු

දිවයිනේ සියලූම බන්ධනාගාර රැඳවූවන් සඳහා සතියකට දින දෙකක් පලතුරු ලබාදීමට පියවර ගෙන තිබේ. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පැවැසුවේ මේ මස සිට එය ක‍්‍රියාත්මක වන බවයි. මේ අනුව සෑම රැඳවූවෙකුටම ආහාර අනුභවයේ දී කෙසෙල් ගෙඩි 2ක් බැගින් ලබාදීමට නියමිත ය.
දිවයින පුරා බන්ධනාගාරවල සිටින තෝරාගත් රැඳවූවන් 100 දෙනෙකු සඳහා සූපවේදී පාඨමාලාවක් කි‍්‍රයාත්මක කිරීමේ අවස්ථාවේ දී හෙතෙම මේ බව සඳහන් කළේ ය. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.