2014-02-11

බැංකොක්හි සුළු පිපිරීමක් - 6 දෙනෙකුට තුවාල

බැංකොක් නුවර විරෝධතාවක් සිදුවන අවස්ථාවේදී ඇතිවූ සුළු පිපිරීමකින් මාර්ග සේවකයන් හයදෙනකු තුවාල ලබා ඇතැයි එරට වාර්තා සඳහන් කරනවා. තුවාලකරුවන් දෙදෙනකු බරපතල තත්ත්වයෙන් පසුවන බව එරට ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් නිලධාරියකු විදෙස් මාධ්‍යට ප්‍රකාශ කර ඇත. විරෝධතාකරුවන් රජයේ ගොඩනැගිලි ඉදිරිපිට ලැගුම්ගෙන ඇති හෙයින් අමාත්‍යංශවල සේවය කරන සේවකයන්ට වෙනත් ස්ථානවල තම රාජකාරිවල නියුතු වීමට සිදුවී තිබේ.
රජයට විරෝධතා දක්වන මෙම විපක්ෂ කණ්ඩායම් මැතිවරණයෙන් පසුවත් අගමැති යිංලක් ෂිනවත්‍රාට ඉල්ලා අස්වන ලෙසත් එරට පාලනය අන්තර් පාලනයක් යටතට පත් කරන ලෙසත් ඉල්ලා සිටියි.
අගමැති ෂිනවත්‍රා එයට පිළිතුරු වශයෙන් පවසන්නේ ජනතාවගේ කැමැත්ත පරිදි පත්වී ඇති බවත් ඉදිරියේදී රට ගොඩනැගීම සඳහා පිඹුරුපත් සකස් කරන බවත්. එසේ හෙයින් තමා අගමැති තනතුරෙන් ඉල්ලා අස් නොවන බවය.
විරෝධතාකරුවන්ගේ නායකයකු පවසා ඇත්තේ ඊයේ සිදුවූ පිපිරීමෙන් එම පක්ෂයේ කිසිවකුටත් හානියක් සිදුවී නොමැති බවය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.