2013-06-27

ලංගම රියැදුරුට ගැසූ පෞද්ගලික බස් රියැදුරු රක්ෂිත බන්ධනාගාරයට


පොසොන් විශේෂ ප‍්‍රවාහන සේවා සඳහා යොදවා තිබූ ලංගම බස් රථ රියැදුරෙකුට පහරදී ඔහුගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පෞද්ගලික බස් රථ රියැදුරෙකු හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ අනුරාධපුර වැඩබලන මහේස්ත‍්‍රාත් සජීව ගුණරත්න මහතා ලබාදුන් නියෝගයකට අනුවයි. නෙළුම්කුලම ප‍්‍රදේශයේ පදිංචි සංජය චමින්ද නමැති රියැදුරෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ලංගම බස් රථ රියැදුරා විසින් ධාවනය කළ පොසොන් විශේෂ ප‍්‍රවාහන සේවා බස් රථයේ ගමනාගමනයට බාධා කරමින් අනුරාධපුර සුචරිතගම ප‍්‍රදේශයේදී මෙම පහරදීම සිදුව ඇති බවයි පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.