ප‍්‍රවීණ නිළි සබීතා පෙරේරා හා ඇගේ සැමියා විසින් රුපියල් දහඅට ලක්ෂයක ගෙවීමක් පැහැර හැරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව ඉදිකිරීම් සමාගමක් පැවරූ නඩුවක් ඊයේ විභාගයට ගැනුණා.
මෙම දෙදෙනා වෙනුවෙන් කොන්ත‍්‍රාත් සමාගමක් මඟින් ඉදිකිරීමක් සිදු කරද්දී සමාගමට ගෙවිය යුතු ලක්ෂ 18කට ආසන්න ගෙවිමක් බැංකුව මඟින් ගෙවන්නට එපා යයි අණ කර එය අත්හිටුවීම සම්බන්ධයෙන් සබීතා පෙරේරා හා ඇගේ සැමියාට එරෙහිව කොන්ත‍්‍රාත් සමාගම කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවරු නඩුව මේ මස 15 වන දින යළි කැඳවීමට මහේස්ත‍්‍රාත් චන්දිම ලියනගේ මහතා ඊයේ(01) නියම කළා. අංගොඩ වල්පොල පාරේ ස්ථාපිත ලක්මිණ ලංකා බිල්ඞීන් සිස්ටම්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂක විතානගේ අමල් අසේල විතාන යන අය විසින් ප‍්‍රවිණ චිත‍්‍රපට හා ටෙලිනාට්‍ය නිළි සබිතා ජානකි පෙරේරා හා ඇගේ සැමියා වන දොන් උපාලි ජයසිංහ හා ඞී.පී.ජයසිංහ ටුවර්ස් ට‍්‍රාන්ස්පෝට් කම්පැණි සාමාගම වෙත මෙසේ ඊයේ නඩු පවරා තිබුණා.
තමා ඉහත සමාගමේ මුදල් එකතු කිරීමේ බලයලත්නිලධාරියා බවත් විත්තිකරුවන්ගේ අනුදැනුම මත කොළඹ 9.බේස්ලයින් මාවතේ පිහිටි කාර්යාලයේ දී නිම කළ ඉදිකිරීමක් වෙනුවෙන් රුපියල් 188,576.10ක් වටිනාමකින් ලියූ චෙක්පතක් විත්තිකරුවන් ලබා දුන් බවට පැමිණිල්ලේ සඳහන්ය. විත්තිකරුවන් විසින් ලියු චෙක්පතේ මුදල් ලබා ගැනීමට පුද්ගලික බැංකුව වෙත ගිය අවස්ථාවේ දී චෙක්පතේ මුදල් ගෙවීම් නොකරන ලෙසට විත්තිකරුවන් විසින් බැංකුවට දැනුම් දී ඇති බව පවසන පැමිණිලිකරු වංක චේතනාවෙන් මෙම අණ කිරීම සිදු කරන ලද්දක් බවට පවසා සිටී. මුදල් ආපසු අය කර ගැනීමේ පනත අනුව දඩූවම් ලැබිය වරදක් බවට අධිකරණයේ චෝදනා ගොනු කොට තිබු අතර නඩුව කැඳවු අවස්ථාවේ දී අධ්‍යක්ෂක මණ්ඩලයේ නම් සහතික කොටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පැමිණිල්ලේ නීතිඥවරයාට නියම කළ මහෙස්ත‍්‍රාත්වරයා නඩුව කැඳවීම මේ මස 15 වන දින යළි කැඳවීමට නියම කෙළේය.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.