- අගමැති දි.මු. ජයරත්න කියයි
ප්රැන්සිස් පාප්වහන්සේ ජනවාරි මාසයේ ශ්රී ලංකාවට සැපත්වන විට රටේ සිටින්නේ අලුත් ජනාධිපතිවරයෙක් බව අගමැති දි.මු. ජයරත්න මහතා ඊයේ (19 දා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය. පාප්වහන්සේ පැමිණීමට පෙර ජනාධිපතිවරණය පවත්වා අවසන් වන නිසා උන්වහන්සේට මෙරටට පැමිණීමට බාධාවක් නැතැයිද කී අගමැතිවරයා පාප්වහන්සේ සැපත් වන්නේ අලුත් තත්ත්වයක් යටතේ අලුත් ජනාධිපතිවරයෙක් ජනාධිපති ධූරයේ සිටියදී බවද ප්රකාශ කළේය.
පැරණි තත්ත්වයක් හෝ පැරණි ජනාධිපතිවරයකු නොව අලුත් ජනාධිපතිවරයකු හමුවීම සඳහා පාප්වහන්සේට අවස්ථාව ලැබෙන බවද කී අගමැතිවරයා ජාතික හෙළ උරුමය ආණ්ඩුවෙන් ඉවත් වීමෙන් තරගයක් ඇති වුවද මහින්ද රාජපක්ෂ මහතා අතිවිශිෂ්ට ජයක් ලබන බවද කීය.
නව ජනාධිපතිවරයා මැතිවරණ ජයග්රහණයෙන් පසු පළමුව හමුවන්නේ ලෝකයම පිළිගත් විශිෂ්ට ආගමික නායකයකු වන පාප්වහන්සේ බවද අගමැතිවරයා කීවේය.
ජනවාරි මුල සතියේ ජනාධිපතිවරණයක් පැවැතීමෙන් පාප්තුමා මෙරටට පැමිණීමේ ගැටලුවක් පැන නැඟී ඇතැයි විපක්ෂයේ ප්රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා කීය. එනිසා ජනාධිපතිවරණය පාප් තුමාගේ පැමිණීමෙන් පසුව පවත්වන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.