ශ්රී ලංකා කණ්ඩායමට ලෝක කුසලානය ජයගත හැකි බවත්, ඒ සඳහා ශ්රී ලංකා කණ්ඩායම සූදානම් බවත් සී.එන්.එන්. නාලිකාවේ Talk Asia වැඩසටහනට එක්වෙමින් ශ්රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර ප්රකාශ කළේය. එම වැඩසටහනේදී කුමාර් සංගක්කාර සිය ක්රිකට් දිවිය මෙන්ම ඉන් බාහිරවත් කරුණු හෙළිදරව් කළ අතර, මේ ලිපිය සැකසෙන්නේ එම වැඩසටහනේ ඔහු දැක්වූ අදහස් ඇසුරිනි.
"දැන් අවුරුදු හතේ අටේ ළමයි ක්රිකට් ක්රීඩා කරනවා. මම ක්රිකට් ක්රීඩා කරන්න පටන්ගත්තෙ අවුරුදු 12 - 13 දී. ඒ අනුව බැලුවම තරමක් ප්රමාදයි. මම උපරිමයට ආවෙ අවුරුදු 16 හා 17 දී. 1996 වසරේ ශ්රී ලංකා කණ්ඩායම ලෝක කුසලානය ජයග්රහණය කරලා 1999 වසරේ ලෝක කුසලානයට ගියත් එහිදී පළමු වටයෙන්ම ඉවත්වෙන්න සිදු ණා. මුළු ශ්රී ලංකාවම මේකෙන් කනගාටුවට පත්වුණා. නමුත් මගේ වෘත්තීය ජීවිතයට ඒක වාසනාවක් ගෙනාවා. මේක කියන්න තරමක් විවාදාත්මකයි. නමුත් ඒක තමයි ඇත්ත. මෙහිදී තරුණ ක්රීඩකයන්ට අවස්ථාවක් ආවා. රොමේෂ් කළුවිතාරණ වෙනුවට මාව යොදාගත්තා.
ශ්රී ලංකාවේ ක්රිකට් ගැන මගේ කතාව ගැන කිවුවොත් ක්රීඩා කිරීම විතරක් නෙමෙයි, ශ්රී ලාංකිකයන් විදිහට අපි මොනවද කළේ? ඒ වගේම ක්රිකට් ක්රීඩාව කොහොමද ශ්රී ලංකාවේ විදිහට කරන්නේ? කියන දේ ගැන අපි හිතනවා.
2007 එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගය, 2009 වසරේ පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන අවසන් මහා තරගය, 2011 වසරේ එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගය, 2012 වසරේ නැවතත් පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය යන අවස්ථා හතරක අපි පැරදුණා. අවසන් තරගයක පැරදීම ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ.
2009 වසරේ මම කණ්ඩායමේ නායකත්වය භාරගනිද්දි 2011 වසරේ පැවැති ලෝක කුසලානයයි මගේ මනසෙ තිබුණෙ. ඒක අවසන් වුණාම මම තේරීම් කමිටුවට කියලා අස්වුණා.
මම දැන් පන්දුවාර විස්සයි20 පිටියෙන් සමුගෙන ඉවරයි. ටෙස්ට් හා එක්දින පිටියේ විතරයි ක්රීඩා කරන්නෙ. මම හිතනවා මගේ එක්දින තරග ජීවිතය ලෝක කුසලානයෙන් පස්සෙ අවසන් වෙයි කියලා. මම තව ටෙස්ට් තරග හතක්, අටක්, නවයක් ක්රීඩා කරයි. සනත් ජයසූරියත් එක්ක කතා කරලා මම ඒ ගැන තීරණයක් ගන්නවා. නමුත් මම දැන් ඒ ගැන තීරණය කරමින් ඉන්නේ.
වසරින් වසර ක්රීඩකයන් සමුගන්නවා. මම හිතනවා මම රට වෙනුවෙන් යමක් කළා කියලා. දැන් අනෙක් පුද්ගලයන්ට වගකීම ගන්න කාලය ඇවිල්ලා තියෙනවා. බංකුව දිහා බැලුවාම අපිට වඩා හොඳින් කළ හැකි බව පෙනෙන අය ඉන්නවා.
2015 වසරේ ලෝක කුසලානය අපට ජයගත හැකියි. අපි ඒකට සූදනාම්. සැකයකින් තොරව මම හොඳ පහරවල් එල්ල කරන්නයි ඉන්නෙ."
මෙහීදී ශ්රී ලංකාවේ පැවැති යුදමය වාතාවරණය මෙන්ම ශ්රී ලංකා කණ්ඩායමට පාකිස්තානයේදී එල්ල වූ ප්රහාරය පිළිබඳව කුමාර් සංගක්කාර සිය අදහස් ප්රකාශ කළේය.
මෙම වැඩසටහනේ නැවත විකාශයන් හෙට (21දා) උදෑසන 10.00 ට, හෙට (22දා) පෙරවරු 11.00 ට සහ රාත්රී 10.00 ට, 29 වැනිදා පස්වරු 07.00 ට, 30 වැනිදා පෙරවරු 11.00 සහ දෙසැම්බර් 01 වැනිදා රාත්රී 9.30 ට CNN නාලිකාව හරහා විකාශය වීමට නියමිතය.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.