2014-12-04

ලංකා සමසමාජ පක්ෂයේ බහුතර සහාය ජනපතිට

ලංකා සමසමාජ පක්ෂයේ සමාජිකත්වය අහිමි කළ සාමාජිකයන්ට බලයක් නැති බවත්, පක්ෂයේ බහුතරය මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමේ තීරණයට එකඟ වූ බවත් ප්‍රධාන ලේකම් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය තිස්ස විතාරණ මහතා පැවසීය.

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට ඉදිරිපත් වූ ජයම්පති වික්‍රමරත්න, ලාල් විජේනායක, විමල් රුද්‍රිගූ, පළාත් සභා මන්ත්‍රී කීර්ති කාරියවසම්, එම්.ජේ.බී. අබේරත්න යන මධ්‍යමකාරක සභිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවූ බව විතාරණ මහතා ප්‍රකාශ කළේය.

පක්ෂයට අයත් සංවිධාන, වෘත්තීය සමිති, ශාඛා බලමණ්ඩල සියල්ලේ සහාය මහින්ද රාජපක්ෂ මහතාට හිමිවන බවද තිස්ස විතාරණ මහතා කියා සිටියේය.


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.