1971 කැරැල්ලේ මුල් පෙළේ නායකයෙකු වූ ලොකු අතුල හෙවත් අතුල නිමලසිරි ජයසිංහ (70) මහතා අභාවප්‍රාප්ත විය.
71 කැරැල්ලෙන් අනතුරුව ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් දේශපාලනයට පිවිසි ඒ මහතා පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ත්, අනතුරුව එක්සත් ජාතික පක්ෂයටත් එක් විය.
1988 දී එක්සත් සමාජවාදී පෙරමුණෙන් බස්නාහිර පළාත් සභාවට තේරී පත් වූ අතුල නිමලසිරි ජයසිංහ මහතා 1993 දී පොදු ජන එක්සත් පෙරමුණෙන් තරග කර එම පළාත් සභාවට තේරි පත්ව අමාත්‍ය ධුරයක් ද හෙඹවීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහර ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ද ඔහු කටයුතු කළේ ය.
අනතුරුව 1994 මහ මැතිවරණයෙන් ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් අතුල නිමලසිරි ජයසිංහ මහතා එම රජයේ විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ධුරය පත් විය.
අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ප්‍රමුඛ කණ්ඩායමක් සමගින් 2000 වසරේදී අතුල නිමලසිරි ජයසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට එක් විය.
ඒ මහතාගේ දේහය කඩවත ගෝනහේන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ලබන බදදා සිදු කිරීමට නියමිත ය.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.