ශ්‍රී ලංකා කණ්ඩායම හා සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි එක්දින තරගයේදී නියමිත කාලසීමාවට පන්දුවාර යොමු නොකිරීම හේතුවෙන් එංගලන්ත නායක ඇලිස්ටෙයාර් කුක්ට සිවුවැනි තරගය තහනම් කර තිබේ.
ඒ අනුව කොළඹ ඛෙත්තාරම ක්‍රීඩාංගණයේදී ඉරිදා පැවැත්වෙන සිවුවැනි තරගයේදී එංගලන්ත කණ්ඩායම ඉයන් මෝගන් විසින් මෙහෙයවනු ඇත.
ශ්‍රී ලංකා ඉනිමේදී එංගලන්ත කණ්ඩායම සිය පන්දුවාර 35 යොමුකිරීමට නියමිත කාලයට වඩා විනාඩි 20ක් ගත කර තිබේ.
තරග තහනමට අමතරව තෙවැනි තරගයේ තරග ගාස්තුවෙන් 20%ක මුදලක් කුක්ගෙන්ද, 10%ක මුදලක් කණ්ඩායමෙන්ද දඩ ලෙස අයකර ගැනීමටත් තරග තීරක ඩේවිඩ් බූන් කටයුතු කර තිබේ.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.