2023-07-22

සුපිරි ගණිකා නිවසක් වටලයි.. කාර්යාල සේවිකාවන් හවසට ගණිකා වෘත්තියේ.. මසක පඩිය එක දිනෙන් සොයයි..


කොළඹ කාර්යාල වල සේවිකාවන් සම්බන්ධ කරගෙන බම්බලපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයක් වටලා එහි හිමිකරු හා කාන්තාවන් කිහිප දෙනෙකු වලාන දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් කාන්තාවන් අතර දෙදෙනෙකු කාර්යාල සේවිකාවන්ය.
පොලිසිය සඳහන් කරන්නේ මෙම ස්ථානයේ ගණිකා වෘත්තීයේ යෙදෙන බොහෝ පිරිසක් කොළඹ හා ඒ අවට කාර්යාල වල සේවය කරන කාන්තාවන් බවයි.

ඔවුන් රාජකාරි නිමා කර මෙම ස්ථානයට පැමිණ ගණිකා වෘත්තියේ යෙදී අමතර ආදායමක් සොයා ගැනීමට පුරුදු වී සිටින බව පොලිසිය කියා සිටී.

ඇතැම් කාන්තාවන් මෙම ස්ථානය රාත්‍රී නවාතැන් ගෙන පසුදින කාර්යාලවල සේවයට යන බවත් දිවා කාලයේ මෙම ස්ථානය කිසිවෙකු නොමැති බවත් පොලිසිය සඳහන් කරයි.

කාන්තාවක් සදහා රුපියල් නවදහසක මුදලක් ගෙවිය යුතු බවත් රාත්‍රී පුරා ගත කරන්නේ නම් රුපියල් තිස් දහසක මුදලක් ගෙවිය යුතු බවත් පොලිසිය පවසයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.