හයිකෝප් නඩුව, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව තව දුරටත් පවත්වා ගෙන යා හැකි දැයි අවසාන තීරණය ලබන වසරේ ජනවාරි 20 වැනිදා ලබා දෙන බව කොළඹ මහාධිකරණය අද ප්‍රකාශ කළා.
සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ගේ මූලික විරෝධතා සහ නීතිපතිවරයාගේ කරුණු දැක්වීම සැලකිල්ලට ගෙන එම තීරණය ලබා දෙන බවයි කොළඹ මහාධිකරණය වැඩි දුරටත් ප්‍රකාශ කළේ. හයිකෝප් නඩුවෙන් සරත් ෆොන්සේකා මහතාට නගා ඇත්තේ දෙවැනි යුධ අධිකරණය විසින් ඒ මහතාට සිර දඬුවම් නියම කළ යෝජනාම බව මූලික විරෝධතාවන්ගේ දැක්වුණා. එහෙත් සමාන චෝදනා යටතේ එකම පුද්ගලයකුට අධිකරණ දෙකකින් දඬුවම් පැමිණ වීමට නීතියෙන් හැකියාවක් නැහැ. එබැවින් හයිකෝප් නඩුව සරත් ෆොන්සේකා මහතාට එරෙහිව තව දුරටත් පවත්වා ගෙන යා නොහැකි බවයි ඒ මහතාගේ නීතිඥයන් පෙන්වා දුන්නේ. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දමිත් තොටවත්ත මහතා ඊට විරෝධය පළ කළා. නීතිඥවරයා පෙන්වා දුන්නේ හයිකෝප් නඩුව සරත් ෆොන්සේකා මහතාට එරෙහිව තව දුරටත් පවත්වා ගෙන යාමට නීතියෙන් කිසිඳු බාධාවක් නොමැති බවයි.