රාජ්‍ය ආයතන සහ අනෙකුත් ආයතනවලින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයවිය යුතු ණය මුදල පසුගිය ජූනි මාසය වන විට රුපියල් මිලියන 83,508 දක්වා වැඩි වී තිබෙනවා. පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශයේ 2011 වර්ෂයට අදාල කාර්යය සාධන වාර්තාව අනුව
මෙම වසර ආරම්භයේ දී එම ණය මුදල රුපියල් මිලියන 73,665 ක් ලෙස පැවතුණා. නමුත් ඇතැම් ආයතන ණය මුදල් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මේ වන විට එය තවදුරටත් වර්ධනය වී තිබෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය ජූනි මාසය වන විට රුපියල් මිලියන 54 දහස් 951ක මුදලක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතුයි. ශ්‍රී ලංකා නාවික හමුදාව රුපියල් මිලියන 10,302 ක් සංස්ථාවට ගෙවිය යුතු අතර ශ්‍රී ලංකා යුද හමුදාව ගෙවිය යුතු ණය මුදල රුපියල් මිලියන පන් දහස් තුන්සිය දහසයක්. ශ්‍රී ලංකා එයාර්ලයින් ආයතනය රුපියල් මිලියන 4,442 ක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ණය වශයෙන් ගෙවිය යුතුයි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු කාරය සාධන වාර්තාවට අනුව සංස්ථාව ලබන අධික අලාභයට මෙම ණය නොගෙවීම ද ප්‍රධාන හේතුවක්.