2011-12-12

කටාර් අගමැති දිවයිනට


කටාර් අග‍්‍රාමාත්‍ය ෂෙයික් හමාඞ් අල්දානි දෙදින නිළ සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණෙනවා. විදේශ කටයුතු අමාත්‍යංශය ප‍්‍රකාශ කළේ අග‍්‍රාමාත්‍යවරයා සමග එරට ව්‍යාපාරික දූත පිරිසක් ද දිවයිනට පැමිණෙන බවයි.
අග‍්‍රාමාත්‍ය දී.මූ. ජයරත්න සහ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් යන මහත්වරුන් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ දී කටාර් අග‍්‍රාමාත්‍යවරයා පිලිගනු ඇති. ශ‍්‍රී ලංකාව සහ කටාර් රාජ්‍ය අතර ඇති ද්විපාර්ශවික සබඳතා තවදුරටත් තහවුරු කිරීම මෙම සංචාරයේ අරමුණයි. කටාර් අග‍්‍රාමාත්‍යවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද හමුවීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යංශය ප‍්‍රකාශ කළේ. පසුගිය දා බාලි හීදි ජනාධිපතිවරයා හමු වූ කටාර් අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කර තිබුණේ මෙරට සංචාරක ව්‍යාපාරයේ ආයෝජනයන්ට එක්වීමට සිය ව්‍යාපාරිකයින් සූදානමින් සිටින බවයි.