2011-12-12

ඉන්දියාව සමඟ වහා සාකච්ඡා අරඹන්න

ඉන්දියාවේ ක‍්‍රියාකාරකම් හේතුවෙන් මෙරට පරිසරයට සිදුවන බලපෑම සම්බන්ධයෙන් වහාම රාජ්‍ය තාන්ත‍්‍රික සාකච්ඡා ඇරඹිය යුතු බව පරිසරවේදීන් අවධාරණය කරනවා. ඉන්දියාවේ නොයෙකුත් කර්මාන්ත ශාලාවලින් නිකුත් වන විෂ වායු හේතුවෙන් හෝර්ටන්තැන්න ඇතුළු කඳුකර ප‍්‍රදේශයන්හි පරිසරය දූෂණය වීමේ අවධානමක් ඇති බවයි පර්යේෂණයකින් හෙළි වුණේ.
මෙම පර්යේෂණ සිදුකළේ සබරගමුව විශ්ව විද්‍යාලය විසින්. එහි දී හෙළි කෙරුණු කරුණු සැහැල්ලූවට ගත යුතු නැතැයි ශ‍්‍රී ලංකා හරිත ව්‍යාපාරය පෙන්වා දෙනවා.
නැගෙනහිර ඉන්දියාවේ කර්මාන්ත ශාලාවලින් නිකුත් කෙරෙන විෂ වායු වැසි සමඟ කඳුකර ප‍්‍රදේශවලට ඇදහැලීම පසෙහි ආම්ලිකතාවය ඉහළයාමට හේතු වනවා. එය මෙරට ජෛව විවිධත්වයට ද ගැටළුවක් බවයි පරිසර සංරක්ෂණ භාරය පෙන්වා දෙන්නේ.