2011-12-12

එල්.ටී.ටී.ඊ. කි‍්‍රයාධරයකුගෙන් හෙළිදරව්වක්

මෙරට තුළ යළිත් එල්.ටී.ටී.ඊ. සංවිධානයට හිස එසවීමට කිසිදු හැකියාවක් නැතැයි එහි දේශපාලන අංශයේ සේවයේ නිරත වූ ප‍්‍රබල ක‍්‍රියාකාරිකයෙකු පවසනවා. නම හෙළි නොකළ මෙම පුද්ගලයා සමග සාකච්ඡාවක නිරත වූ බි‍්‍රතාන්‍යයේ "ද ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත" මේ බව හෙළි කළා.
මෙම ක‍්‍රියාධරයා ප‍්‍රකාශ කර ඇත්තේ දෙමළ ඩයස්පෝරාව ශ‍්‍රී ලංකාවේ වෙනම රාජ්‍යයක් බිහිකිරීම පිළිබඳ ගන්නා උත්සහය ද ව්‍යර්ථ වී යන බවයි. ශක්තිමත් නායකයෙකු ලෙස ඩයස්පෝරාව පිළිගත් ප‍්‍රභාකරන් ද වැරදි ගණනාවක් සිදු කළා. එබැවින් නායකත්වයක් නොමැති අරමුණකට ජයග‍්‍රහණයක් ද ලබාගත නොහැකි බවයි අදාළ ක‍්‍රියාධරයා අවධාරණය කර තිබෙන්නේ.
එසේම එල්.ටී.ටී.ඊ. සංවිධානය සිදු කළ යුද අපරාධ ද මොහු අනාවරණ කළා. යුද්ධයේ අවසන් දින කිහිපයේ දී පැය කිහිපයක අවි පුහුණුවකින් පසු දෙමළ ජනතාව යුද පෙරමුණට යොමු කළ බවයි හෙළි වුණේ. වැඩිහිටියන් මෙන්ම කුඩා දරුවන් ද මෙලෙස සටන් සඳහා යොමු කෙරුණු බව අදාළ ක‍්‍රියාධරයා ප‍්‍රකාශ කළේ යැයි ඉන්ඩිපෙන්ටන්ඞ් පුවත්පත කියාසිටියා.