ජනාධිපතිවරයාට ”එළියන්ත වයිට් ”නමින් පෞද්ගලික වෛද්‍යවරයෙකු නොමැති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසුවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා වාචික ප්රශ්නවාරයේ දී නගන ලද පැනයකට පිලිතුරු දෙමින්. දයාසිරි ජයසේකර මහතා පසුව විමසා සිටියේ ජනාධිපතිවරයා සමග ඡායාරූපවල පෙනී සිටිමින් එළියන්ත වයිට් නමින් තමන් හඳුන්වාගන්නා පුද්ගලයා කවරෙක්ද යන්නයි. ජනාධිපතිවරයා සමග හිද ඕනෑම පුද්ගලයෙකුට ඡායාරූප ලබාගත හැකි බව ඊට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා කියා සිටියා. ඔහු පැවසුවේ එවැන්නෙකු පිළිබඳ තමන් නොදන්නා බවයි.2011-12-12
එළියන්ත වයිට් යනු ජනපතිගේ පෞද්ගලික වෛද්‍යවරයෙක් නෙවෙයි
Tags