එක්සත් ජාතික පක්ෂයේ උපදේශක කමිටුවේ සාමාජිකයින් මේ වන විට තීරණාත්මක සාකච්ඡාවකට එක්ව සිටිනවා. ඒ, පක්ෂ මූලස්ථානය වන සිරිකොතදීයි. පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පවත්නා පුරප්පාඩු සඳහා සුදුස්සන් පත් කිරීම මෙම සාකච්ඡාවේ අරමුණයි.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායකයින් වන කරූ ජයසූරිය හා සජිත් පේ‍්‍රමදාස, පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක යන මහත්වරුන් මීට එක්ව සිටිනවා. එසේම ජාතික සංවිධායක රවී කරුණානායක මහතා ඇතුළු පක්ෂයේ ප්‍රධාන නිළතල දරන්නන් කිහිපදෙනෙකු ද මීට ඇතුළත්. පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට තවත් 25 දෙනෙකු පත්කිරීමට නියමිතව තිබෙනවා. ඉන් වෘත්තිය සමිති නියෝජිතයින්ගෙන් පුරප්පාඩු 05 ක් නායකයාගේ අභිමතය පරිදි පුරප්පාඩු 07 ක් සහ නිළ බලයෙන් පුරප්පාඩු 09 ක් සඳහා නියෝජිතයින් පත්කෙරෙනු ඇති. ඉතිරි සිව්දෙනා පත්කෙරෙන්නේ පක්ෂයට අනුබද්ධ සංවිධානවල නියෝජිතයින්ගෙන්. පුරප්පාඩු පිරවීමෙන් අනතුරුව පූර්ණ කෘත්‍යාධිකාරී මණ්ඩලය ලබන 18 වනදා රැස්වීමට නියමිතයි. එහි දී පක්ෂයේ ප්‍රධාන තනතුරු දරන්නන් තෝරා පත්කර ගන්නා ආකාරය තීරණය කෙරෙනු ඇති.