එළවළු ප්‍රවාහනයේ දී ප්ලාස්ටික් කූඩ අනිවාර්යය කිරීම එළවළු මිළ ගණන් ඉහළයාමට හේතුවනු ඇතැයි ගොවීන් සහ ව්‍යාපාරිකයින් පවසනවා. ප්ලාස්ටික් කූඩ අනිවාර්යය කිරීමේ නීතිය ඉකුත් මධ්‍යම රාත්‍රියෙන් බලාත්මක වන බවයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ.
එහෙත් ගොවීන් පවසන්නේ මෙය ප්‍රායෝගිකව ක්රියාවේ යෙදවිය නොහැකි තත්වයක් බවයි. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී ඒ පිලිබඳ ගොවීන් සහ ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු අප වෙත අදහස් දක්වමින් කියා සිටියේ ප්ලාස්ටික් කූඩ භාවිතය හේතුවෙන් එළවලූවල මිල ගණන් ඉහළ යා හැකි බවත් එළවළුවල සුළු හිඟයක් ඇති විය හැකි බවත්ය.

කෙසේවෙතත් සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශය අවධාරණය කරන්නේ නීතිය අකුරට ක්‍රියාත්මක කරන බවයි. ඒ සඳහා පාරිභෝගික අධිකාරියට පොලිසිය ද සහය වනු ඇතැයි එහි ලේකම් සුනිල් එස්. සිරිසේන මහතා පැවසුවා. නීතිය කඩකරන්නන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු කියා සිටියේ.