නේවාසික වීසා මත දිවයිනට පැමිණෙන සංක‍්‍රමණිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඇගයීම සඳහා නව ප‍්‍රතිපත්තියක් හඳුන්වාදීමට රජය සුදානම් වනවා. ආගමන සෞඛ්‍ය ඒකකය ලෙස හඳුන්වන නව ප‍්‍රතිපත්තියට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා. කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප‍්‍රකාශ කළා.
ජාතික මානව හිමිකම් ක‍්‍රියාකාරී සැලැස්ම ක‍්‍රියාත්මක කිරීමට ද රජය තීරණය කර තිබෙනවා. විනෝද උද්‍යානයක් සහිත මීටර් 350 ක් උසැති බහු සම්පේ‍්‍රෂණ කුළුණක් කොළඹ නගරයේ ඉදිකිරීමට ද නියමිතයි. පවුම් මිලියන 45 ක මහා බි‍්‍රතාන්‍ය ආධාර යටතේ දිවයින පුරා පාළම් 141 ක් ඉදි කෙරෙනවා. ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහා නව බස් රථ 163 ක් මිලදී ගැනීමට ද නියමිතයි.2011-12-15
සංක‍්‍රමණිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඇගයීමට නව ප‍්‍රතිපත්තියක්
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.