ප්ලාස්ටික් කූඩ සම්බන්ධයෙන් ලබාදුන් සහන කාලය නිසි ලෙස ප්‍රයෝජනයට නොගන්නේ නම් එළවළු සංස්ථාවක් පිහිටුවා පාරිභෝගික අවශ්‍යතා ඉටුකිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. මේ බව ජනාධිපතිවරයා ඊයේ රාති‍්‍ර පැවැති ව්‍යාපාරික ගොවි නියෝජිත හමුවේදී දැනුම් දුන්නා. ජනාධිපතිවරයා පැවසුවේ ගොවීන්ට නොමිලේ කූඩ ලබාදීමට පියවර ගන්නා බවයි. එහෙත් ව්‍යාපාරික ප්‍රජාව මසක කාලයක් ඇතුළත කූඩ මිලදී ගෙන වැඩපිළිවෙළට අනුගත විය යුතු බවද අවධාරණය කෙරුණා. එසේම මෙම සාකච්ඡාවේදී ප්ලාස්ටික් කූඩ භාවිතයට අදාළ ගැසට් පත්‍රය සංශෝධනය කිරීමටද තීරණය කෙරුණා. ඒ අනුව වම්බටු, දඹල, බණ්ඩක්කා, බීට් අල සහ රාබු ප්‍රවාහනයේදී ප්ලාස්ටික් කූඩ යොදා ගැනීමේ අවශ්‍යතාවක් මතු නොවනු ඇති. බෝංචි සහ මෑ කරල්ද නිදහස් ප්‍රවාහනයට යටත් කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වුණා. කෙසේ වෙතත් එය පරීක්ෂා කර බලා මසක් ඇතුළත් වාර්තාවක් සැපයීමේ වගකීම පසු අස්වනු තාක්ෂණ ආයතනයට පවරා තිබෙනවා.
මේ අතර මෙහිදී තීරණය කෙරුණේ ගොවීන් සම්බන්ධයෙන් ප්ලාස්ටික් කූඩවලට අදාළ නීතිය බලාත්මක නොකිරීමටයි. එහෙත් මසකින් අනතුරුව වැටලීම් යළි ආරම්භ කිරීමට තීරණය වුණා. විවිධ පාර්ශ්ව මෙම නීතියට එරෙහිව මතු කළ ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වුණා.
මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ගොවි සහ ව්‍යාපාරික නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටියේ නොයෙකුත් පාර්ශ්වයන්ගේ දේශපාලන වුවමනාවන් ඉටුකිරීම සඳහා ක්‍රියා නොකරන ලෙසයි. මෙහිදී ප්ලාස්ටික් කූඩ භාවිතය සම්බන්ධයෙන් ගොවීන් සහ ව්‍යාපාරිකයින් අතර වචන හුවමාරුවක්ද සිදුව තිබෙනවා. ව්‍යාපාරිකයින් නීතිය සම්බන්ධයෙන් කැමැත්තක් නොදැක්වීම සහ ගොවීන් නීතියට එකඟවීම මීට හේතුවයි.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.