2011-12-15

ඉදිරි වසරවලදී විදුලි ගාස්තු අඩුවීමක්

ඉදිරි වසර 4 තුළ විදුලි ගාස්තු පහත හෙළීමට හැකිවනු ඇතැයි පාර්ලිමේන්තුවේදී අද ප‍්‍රකාශ කෙරුණා. විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය පේ‍්‍රමලාල් ජයසේකර මහතා මේ බව කියා සිටියේ වාචික ප‍්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්. විදුලි උත්පාදනය සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම ගාස්තු තරමක් ඉහළ මට්ටමින් පවත්වා ගැනීමට හේතු වනවා. එහෙත් මේ වන විට අඩු පිරිවැයකින් විදුලිය උත්පාදනය කළ හැකි නව ව්‍යාපෘති රැසකට රජය යොමු වී ඇති බව ප‍්‍රකාශ කෙරුණා. එබැවින් වසර 4ක කාලයක් තුළ එලෙස උත්පාදනය කරන විදුලි ඒකකයක් අඩු ගාස්තුවක් යටතේ ලබාදීමට හැකිවනු ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා විශ්වාසය පළ කර සිටියා. විදුලිබල මණ්ඩල සේවකයින්ගේ වැටුප් වර්ධක සම්බන්ධයෙන්ද ගැටුල පවතිනවා. එය නිරාකරණය කිරීම සඳහා සාකච්ඡා වටයක් කි‍්‍රයාත්මකයි. එසේම කුලියට ලබා ගත් ගොඩනැගිලි වෙනුවට අමාත්‍යංශය සඳහාම ගොඩනැගිලි ඉදිකිරීමට පියවර ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.