2011-12-12

කෝප් හෙට පාර්ලිමේන්තුවට

පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් සභාවේ සංශෝධිත වාර්තාව පාර්ලිමේන්තුවට හෙට ඉදිරිපත් කරන බව එහි සභාපති අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පවසනවා. එම වාර්තාව සංශෝධනය කිරීමට සිදුවුයේ ලාභ ලබන ආයතන 09 ක් එහි පාඩු ලබන ආයතන ලෙස දක්වා තිබීම නිසයි.
සංශෝධනයේ දී එය නිවැරදි කළ බව අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පැවසුවා.