2011-12-12

එකම පවුලේ පස් දෙනකුට තංගල්ලේදී මරණ දඬුවම

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරුවන් කෙරුණු එකම පවුලේ පස් දෙනෙකුට තංගල්ල මහාධිකරණයේ දී අද මරණීය දණ්ඩනය නියම කෙරුණා. ඒ මව, පුතුන් තුන් දෙනෙකු සහ එම එක් පුතෙකුගේ බිරිදටයි.
බෙලිඅත්ත ගැටමාන්න ප‍්‍රදේශයේ දී 1996 වසරේ අපේ‍්‍රල් මස පළමු වනදා හෝ ඊට ආසන්න දිනකදී පුද්ගලයෙකුට මෝල් ගසකින්, කඩුවකින් සහ කිනිස්සකින පහර දී ඝාතනය කිරීම ඔවුන්ට එරෙහි චෝදනාව වුණා. චෝදනාවට ලක්ව සිටි තවත් අයෙකු මේ වන විට මිය ගොස් සිටිනවා.