2011-12-15

සාමාන්‍ය පෙළ නිසා බස් වර්ජනය කරනවාද නැද්ද යන්න දෙගිඩියාවක

හදිසි වර්ජනයක් කැඳවා නොසිටීමට හේතුවක් ඇත්නම් ඒ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පමණක් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ බස් ගාස්තු සංශෝධනයක් ලබාදීම සඳහා බලධාරීන් තමන්ට ලබාදුන් පොරොන්දුවේ කාලසීමාව අදින් ඉක්ම යන බවයි. ඒ අනුව අද දිනය තුළ විසඳුමක් නොලැබුණහොත් හදිසි වර්ජනයක් කි‍්‍රයාත්මක කිරීමට සංගමයේ විධායක කමිටුව ඊයේ රාති‍්‍ර තීරණය කළා. ඉන්ධන මිල ඉහළ නැංවීමෙන් අනතුරුව කර්මාන්තය රුපියල් මිලියන 600කට අධික මුදලක් මේ දක්වා පාඩු ලබා තිබෙනවා. මෙම තත්වය තවදුරටත් දරාගත නොහැකි බවයි සභාපතිවරයා කියා සිටියේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.