2011-12-15

එජාප නායකත්වයට කරු පත් කරන ලෙස මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක්

පාර්ලිමේන්තු මන්ත‍්‍රී කරු ජයසූරිය මහතා පක්‍ෂ නායකත්වයට පත් කරන ලෙස ත්‍රෛනිකායික මහා සංඝ රත්නය එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් අද ඉල්ලා සිටියා. ඒ, වික‍්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින්.
අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය උඩුගම ශ‍්‍රී බුද්ධ රක්ඛීත, මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිත්බොටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ සුමංගල, රාමාඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර, අමරපුර මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය දවුල්දෙන ඥානීස්සර යන මහා නාහිමිවරුන් එම ලිපියට අත්සන් කර තිබෙනවා. රනිල් වික‍්‍රමසිංහ මහතා විපක්‍ෂ නායක ධුරයේ රැුඳි සිටිමින් කරු ජයසූරිය මහතා පක්‍ෂ නායකත්වයට පත්කිරීම සුදුසු බව මහා නාහිමිවරුන්ගේ අදහසයි. ප‍්‍රබල විපක්‍ෂයක් රටට අවශ්‍ය බව ද මහා නාහිමිවරුන් පෙන්වා දෙනවා.
මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී කරු ජයසූරිය මහතා පක්‍ෂ නායකත්වයට පත් කළ යුතු බව විශ‍්‍රාමික යුධ හමුදා නිලධාරීන් පවසනවා. ඔවුන් අද කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව කියා සිටියා.



No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.