2011-12-15

මොරටුව ළමා නිවාසයේ පාලිකාව නිදහස්

අවසරයකින් තොරව බාලවයස්කාර ගැබිණියන් රඳවා තබා ගැනිමේ චෝදනා මත අත්අඩංගුවට ගැනුණු මොරටුව රාවතාවත්ත පේ‍්‍රම් ළමා නිවාසයේ පාලිකාව නිදොස් කොට නිදහස් කෙරුණා. ඒ, කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ඉවෝන් ප‍්‍රනාන්දු මෙනෙවිය හමුවට අද ඉදිරිපත් කළ අවස්ථවේදියි. සිද්ධිය සම්බන්ධයෙන් පරික්‍ෂණ පැවැත්වීමේ දී එම කන්‍යා සොයුරිය කිසිඳු වරදක් කර නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබුණා.


මේ අතර දේශපේ‍්‍රමි භික්‍ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් කොළඹ අද පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේ පේ‍්‍රම් ළමා නිවාසයේ සිද්ධිය පදනම් කර ගනිමින් පූජ්‍ය පක්‍ෂය විවිධ බලපෑම් එල්ල කිරීම සුදුසු නොවන බවයි. ඒ සඳහා අයිතියක් නොමැති බව ද උන්වහන්සේ ප‍්‍රකාශ කළා. කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් පසුගිය දා කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.