අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ වනවා. විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා ප්‍රකාශ කළේ ඉතිහාසයේ වැඩිම සිසුන් පිරිසක් විභාගයට පෙනී සිටින්නේ මෙම වසරේ බවයි.
ඒ අනුව පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් පන් ලක්ෂ 31 දහස් 325 දෙනෙකු මෙවර විභාගයට පෙනී සිටිනු ඇති. ඉන් තුන් ලක්ෂ 85 දහස් 94 දෙනෙකු පාසල් අයදුම්කරුවන් වන අතර එක් ලක්ෂ 46 දහස් 231 දෙනෙකු පෞද්ගලික අයදුම්කරුවන් වනවා.දිවයින පුරා මධ්‍යස්ථාන 3,923 කදී විභාගය පැවැත්වෙනු ඇති. අද ආරම්භ වන විභාගය ලබන 21 වනදායින් අවසන් වනවා.2011-12-12
වැඩිම සිසුන් පිරිසක් මුහුණ දෙන සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹේ
Tags