2012-01-18

රවී කරුණානායකට රු. 1000ක අධිවේගී දඩයක්


එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායක මහත් ඊයේ ගාල්ලේ පැවැති විවාහ මංගල උත්සවයකට සහභාගි වෙන්න ගිහින්  එද්දි වුණ ඇබැද්දියක් ගැන අපට වාර්තාවනවා. වාර්තා වන විදිහට සිද්ධිය මෙහෙමයි. කරුණානායක මහතා ගාල්ලේ පැවැති විවාහ මංගල උත්සවයක මනාල යුවළගේ විවාහයට සාක්ෂිකරුවකු ලෙස අත්සන් කිරීමේ අරමුණින් තමයි ඊට සහභාගි වෙලා තියෙන්නේ.
ඉතින් කිසිම ප්‍රශ්නයක් නැතිව ඒ කටයුතු ටික ඒ ආකාරයෙන්ම කරල ආපසු කොළම බලා එන්න පිටත් වෙලා තියෙනවා. එහෙම එද්දී ඇවිල්ල තියෙන්නේ අලුතෙන් හදපු දක්ෂිණ අධිවේගී මාර්ගයේ. මග හොඳට තියෙනවා නම් ඉතින් ආයේ කතා දෙකක් නැහැ පාගල එන්නනේ කවුරුත් හදන්නේ. ඉතින් මන්ත්‍රී තුමත් මේ විදිහට ඇවිල්ලා. මන්ත්‍රී තුමාට ප්‍රශ්නය මතු වුණේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවිමේ සංධිස්ථානයේදීයි. සිද්ධිය වෙලා තියෙන්නේ කරුණානායක මන්ත්‍රීවරයා එක්ස්ප්‍රස්වේ එකේ අධිවේගයෙන් ගමන් කිරීමේ වරදට හසු වෙලා දඩ නියම කරලා. නියම කරපු දඩ මුදල රුපියල් 1000ක්. කොහොම වුණත් මන්ත්‍රීවරයෙක් වුණත් ඉතින් දඩ මුදල ගෙවල තමා රවී කරුණානායක මන්ත්‍රීවරයා එතැනින් පිටත්ව ගොස් තිබෙන්නේ. චෝදනා ලෙස දක්වා ඇත්තේ නියමිත වේගයට වඩා වේගයෙන් අධිවේගී මාර්ගයේ ගමන් කිරීම.
හයිවේ එකේදී මාර්ග නීති පිළිනොපැද්දොත් ඉතින් කාටත් දඩ කන්න වෙන බව නම් සහතිකයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.