ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් පිරිසක් මේ වන විට උද්ඝෝෂණවල නිරත වනවා. ඒ ජාතික ජලසම්පාදන මණ්ඩලයේ ප්රධාන කාර්යාලය ඉදිරිපිටදී සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ප්රධාන කාර්යාලය ඉදිපිටදීයි.
ආණ්ඩුව විසින් යෝජනා කරන ලද වැටුප් වර්ධකයට විරෝධය දැක්වීම ඔවුන්ගේ අපේක්ෂාව වනවා.
ආණ්ඩුව මුලින් යෝජනා කළේ ජල , විදුලි සහ ඛනිජ තෙල් සේවකයන්ට මූලික වැටුපෙන් සියයට 18ක් වූ වැටුප් වර්ධකයක් ලබාදීමටයි. පසුව එය සියයට 25ක් දක්වා වැඩි කිරීමට තීරණය කෙරුණා. එයද පිළිගත නොහැකි බවයි ජලසම්පාදන වෘත්තීය සමිති එ්කාබද්ධ සන්ධානය පවසන්නේ. කෙසේ වෙතත් යෝජිත වැටුප් වර්ධකයට එකඟ බව ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති පවසනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.