එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ නියෝජ්‍ය ප‍්‍රධාන සංවිධායක ධුරයෙන් ඉවත් කර තිබෙනවා. ඒ, අද පැවති පක්‍ෂ විධායක කමිටු රැස්වීමේ දී ගත් තීරණයකට අනුවයි.
එක්සත් ජාතික පක්‍ෂයේ උප නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝශප් මයිකල් පෙරේරා මහතා ප‍්‍රකාශ කළේ ඒ සඳහා කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් පී. පෙරේරා මහතා පත් කළ බවයි. පක්‍ෂ විනය සහ සමගිය උල්ලංගණය වන අන්දමින් ප‍්‍රකාශ නිකුත් කිරීම පිළිබඳ දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරයාට චෝදනා එල්ල වී තිබෙනවා. කෘත්‍යාධිකාරී මණ්ඩලය නිති විරෝධි බවට දයාසිරි ජයසේකර මහතා අවස්ථා කිහිපයක දී ප‍්‍රකාශ නිකුත් කළා. එම ප‍්‍රකාශ ඉල්ලා අස් කර ගන්නා ලෙසටයි පක්‍ෂයේ විධායක කමිටුව මන්ත‍්‍රීවරයාට දැනුම් දුන්නේ. නමුත් එම ඉල්ලීම් නොසලකා හරිමින් ජයසේකර මන්ත‍්‍රීවරයා කටයුතු කිරීම හේතුවෙන් ඔහු විපක්‍ෂයේ නියෝජ්‍ය ප‍්‍රධාන සංවිධායක ධුරයෙන් ඉවත් කළ බවයි ජෝශප් මයිකල් පෙරේරා මහතා ප‍්‍රකාශ කළේ.2012-01-05
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.