කුරුණෑගල, ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා පොලීසිය විසින් අද(18) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ළමාරක්ෂණ අධිකාරිය විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.
ළමාරක්ෂණ අධිකාරියේ සභාපති අනෝමා දිසානායක මහත්මිය පැවසුවේ ළමාරක්ෂණ අධිකාරියේ කොළඹ කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ෆේස් බුක් සමාජ වෙබ් අඩවියේ පළවූ ඡායාරූපයක් සම්බන්ධයෙන් විදුහල්පතිවරයා කළ ප‍්‍රශ්න කිරීමක් හේතුවෙන් සිසුවියක සිය දිවිහානිකරගත් බව කියන සිද්ධියට අදාළව ඔහු අත්අඩංගුවට ගත් බව ඇය පවසයි.
කුරුණෑගල ප්‍රදේශයේ දී මෙම විදුහල්පතිවරයා අත්අඩංගුවටගෙන තිබේ.
ළමයෙකු කෲරත්වයට පත්කිරීම යන චෝදනාව යටතේ අදාළ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගත් බව අනෝමා දිසානායක මහත්මිය පැවසුවේය.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.