2012-01-17

සරසවි ඇදුරන්ගෙන් තොවිලයක්


සියලූම විශ්ව විද්‍යාලවල ආචාර්යවරුන් අද පෙරවරුවේ සිට සංකේත වැඩවර්ජනයක නිරත වනවා. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ  මාධ්‍ය ප‍්‍රකාශක ආචාර්ය මහීන් මෙන්ඩිස් මහතා ප‍්‍රකාශ කළේ සිය සාමාජිකයන් දේශනවලින්ද ඉවත්ව ඇති බවයි.

පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීමේ වැඩපිළිවෙළට විරෝධය පළ කරමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් මේ වනවිට උද්ඝෝෂණ ව්‍යාපාරයකද නිරත වනවා. ඒ නාවල විවෘත විශ්ව විද්‍යාලය ඉදිරිපිටයි. එම ස්ථානයේදී රජයට එරෙහිව තොවිලයක්ද පවත්වන බවයි ආචාර්ය මහීන් මෙන්ඩිස් මහතා පැවසුවේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.