පක්ෂ සම්මේලනයක් කැඳවීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් වනවා. මහලේකම් තිස්ස අත්තනායක මහතා කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදී මේ බව ප‍්‍රකාශ කළා. පක්ෂ නායකත්වයේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණා.
හානියට පත් සිරිකොත පක්ෂ මූලස්ථානය නවීකරණය කිරීමෙන් පසු පක්ෂ සම්මේලනය මේ වසරේ මුල් කාර්තුවේදී කැඳවන බවද ඔහු පැවසුවා.
සිය අත්සනින් දයාසිරි ජයසේකර මන්තී‍්‍රවරයා වෙත යොමු කර ඇති ලිපියක් සම්බන්ධයෙන්ද මහලේකම් තිස්ස අත්තනායක මහතා මෙහිදී කරුණු හෙළි කළා. එම ලිපිය පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස්පතිවරයා වෙත අද භාරදෙන බවයි ඔහු සඳහන් කළේ. අදාළ ලිපිය ඊයේ තමන්ට ලැබුණු බවද අත්තනායක මහතා පැවසුවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.