ක‍්‍රිඩා අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය පිළිබඳ වගකීම් දැරීමට කිසිඳු පුද්ගලයකු මේ වන විට නොමැති බව අප වෙත වාර්තා වුණා. www.sportsmin.gov.lk යන ක‍්‍රීඩා අමාත්‍යංශ වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම ක‍්‍රමිකව සිදුවන්නේ නැහැ.
එය අවසන් වරට යාවත්කාලීන කර ඇත්තේ මීට මාස 02 කට පෙරයි. එමෙන්ම මෙම වෙබ් අඩවියේ සිංහල හා දෙමළ පිවිසුමට ඇතුළු වු පසු පුවත් පළ කර ඇත්තේ ඉංග‍්‍රිසි මාධ්‍යයෙන්. මෙම නිල වෙබ් අඩවියේ ඉංග‍්‍රිසි මාධ්‍ය භාවිතයේ දී භාෂා හැසිරවීම සහ ව්‍යාකරණ දෝෂ බහුලව දැකිය හැකියි. පසුගිය සතියේ පැවති මාධ්‍ය හමුවක දී නිල වෙබ් අඩවිය පිළිබඳ ක‍්‍රිඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාගෙන් මාධ්‍යවේදීන් ප‍්‍රශ්න කළා. එහිදි අමාත්‍යවරයා කියා සිටියේ පවතින ගැටළු පිළිබඳ වහාම පරික්‍ෂණ පැවැත්වීමට කටයුතු කරන බවයි. නමුත් මේ වන තුරු එවැනි පියවරක් ගෙන නැහැ. ක‍්‍රිඩා අමාත්‍යංශ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාගෙන් වෙබ් අඩවිය පිළිබඳ අද විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමට පත් කළ නිලධාරියා සහ පරිගණකය අමාත්‍යංශ මාධ්‍ය ඒකකය වෙත ලබා දී ඇති බවයි. නමුත් මෙතෙක් එවැන්නක් තමන් වෙත ලැබී නැතැයි අමාත්‍යංශ මාධ්‍ය ලේකම් හර්ෂ පී. අබේකෝන් මහතා කියා සිටියා.2012-01-16
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.