ජල සම්පාදන සහ ජලපවාහන නියෝජ්‍ය ඇමතිනි නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාරන් නඬේශන්ට ඉන්දියාවේ රාමේෂ්වරන් හිදී මැර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ, කෝවිලක පැවති පූජාවකට සහභාගි වී යමින් සිටිය දියි. ‘‘ ද හින්දු පුවත්පත ’’ වාර්තා කරන්නේ එම්.ඞී.එම්.කේ පක්ෂයේ තරුණයන් පිරිසක් මෙම පහර දීම සිදුකර ඇති බවයි.
පහර දීම සිදුවන අවස්ථාවේ එම ස්ථානයට පැමිණි පොලිසිය එම තරුණයන් පිරිස පලවා හැරියා.
මේ අතර තමන් තමිල්නාඩුවේදි පහර කෑමකට ලක් නොවු බව තිරුකුමාරන් නඬේශන් මහතා ඉන්දිය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා. එල්.ටී.ටී.ඊ සංවිධානය වෙත සහයෝගය දක්වන තරුණයන් පිරිසක් තමන් වටකර විරෝධය පළ කළ බවයි ඔහු සඳහන් කරන්නේ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.