මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.ටී.එම්.පී.බී. වරාවැව මහතා අද සෙසු විනිසුරුවන් සියලූ දෙනා විවේචනයට ලක් කළා. කොළඹ මහාධිකරණයේ විභාග වූ පුද්ගල ඝාතන නඩුවක තීන්දුව ලබාදෙමින් ඔහු ප්රකාශ කළේ ලාභ අපේක්ෂාවෙන් හෝ තනතුරු අහිමි වේ යැයි බියෙන් තීන්දු ලබාදීමෙන් වලකින ලෙසයි.
පුද්ගලයන් සම්බන්ධයෙන් ද්වේෂ සහගත තීන්දු ලබාදීමද අනුමත කළ නොහැකි බව ප්රකාශ කෙරුණා. විනිසුරුවන් විසින් ලබාදෙන තීන්දු බුදු දහමට අනුකූල විය යුතු බවයි ඔහු අවධාරණය කර සිටියේ. එසේ නොකර වැරදි තීන්දු ලබාදෙන විනිසුරුවන්ට අපායේ දොරටුව විවෘත වන බවද ඩබ්ලිව්.ටී.එම්.පී.බී. වරාවැව මහතා ප්රකාශ කළා.
ඔහු සුදුකොඩි නඩුව විභාගයට ගත් ති්රපුද්ගල විනිසුරු මඩුල්ලේ ද සාමාජිකයෙක්. එම නඩුවේදී නගන ලද සියලූ චෝදනාවලින් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදොස් කර නිදහස් කිරීමට ඒ මහතා තීන්දු කළා. ඒ විනිසුරු මඩුල්ලේ සෙසු විනිසුරුවන් දෙදෙනාගේ තීරණයට පටහැනිවයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.