ශ‍්‍රී ලංකාව තුළ නව මාධ්‍ය ආචාරය ධර්ම පද්ධතියක් සකස් කළ යුතු බවට වු යෝජනාවක් එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී අද සම්මත කෙරුණා. නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්‍ෂය පෙන්වා දෙන්නේ එක්සත් රාජධානියේ සකස් කර ඇති විසුත් මාධ්‍ය ආචාර ධර්ම පද්ධතිය සැලකිල්ලට ගනිමින් එම ආචාර ධර්ම පද්ධතිය සකස් කළ යුතු බවයි.
පාක්‍ෂිකයින් අතර ක්‍රෝධය සහ වෛරය ඇති වන අන්දමේ ප‍්‍රවෘත්ති ඉදිරිපත් කළ මහාරාජා මාධ්‍ය ජාලය පිළිබඳව ද කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී අවධානය යොමු කෙරුණාග ඊට විරෝධය පළ කරමින් ඒ පිළිබඳ සොයා බැලීම සඳහා පාර්ලිමේන්තුව මගින් පරික්‍ෂණයක් පැවැත්විය යුතු බවට වු යෝජනාවක් ද කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී සම්මත කෙරුණා. සිරිකොත මන්දිරයට එල්ල වු ප‍්‍රහාරය කෘත්‍යාධිකාරි මණ්ඩලය පිලිකුලෙන් යුතුව හෙලා දකින බවයි එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ. එම ප‍්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නෛතික සහ පක්‍ෂ අභ්‍යන්තරික ක‍්‍රියාමාර්ග ගත යුතු බවට වු යෝජනාවක් ද එහිදි සම්මත වුණා. දුර්වලව ඇති පක්‍ෂ බිම් මට්ටමේ සංවිධාන කටයුතු යළි ශක්තිමත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු බවට වු යෝජනාවක් ද කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී සම්මත කෙරුණු බවයි එම පක්‍ෂය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ.2012-01-16
මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් සකස් කළ යුතුයි
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.