2012-01-16

උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ බිරිය රක්ෂිත බන්ධනාගාරයට


නවාතැන් පහසුකම් ලබා දෙන මුවාවෙන් ඉතා රහසිගත ලෙස අනුරාධපුර පළමු පියවර හරිස්චන්ද්‍ර මාවතේ ගණිකා නිවාසයක් පවත්වා ගෙන ගිය උප පොලිස් පරික්‍ෂකවරයෙකුගේ බිරිඳක් අද රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ,
අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අතිරේක දිසා විනිසුරු රුවන්තිකා මාරපන මහත්මියගේ නියෝගයකට අනුවයි. ගණිකා ව්‍යාපාරය පවත්වා ගෙන ගිය තවත් කාන්තාවක් ද ලබන 24 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි මහේස්ත‍්‍රාත්වරිය එහිදී නියෝග කළේ. සැකකාරියන් අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර පොලිසියේ නිලධාරීන් කියා සිටියේ කාලයක් තිස්සේ ඉතා රහසිගතව මෙම ගණිකා නිවාසය පවත්වා ගෙන ගොස් ඇති බවයි. දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් කාන්තාවන් ගෙන්වා මෙම ස්ථානයේ දි ඔවුන් අධික මිල ගණන්වලට අලෙවි කර ඇති බවද පරික්‍ෂණවලදී අනාවරණ වුණා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.