එල්.ටී.ටී.ඊ සංවිධානයේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳ දැඩි අවධානයෙන් සිටින්නැයි යුරෝපා රටවල තානාපතිවරුන්ගෙන් ලක් රජය ඉල්ලා සිටිනවා. විදේශ කටයුතු අමාත්‍යංශය ප‍්‍රකාශ කළේ එම රටවල තානාපතිවරුන්ට මේ පිළීබඳ ලිඛිතව දැනුම් දුන් බවයි.
එල්.ටී.ටී.ඊ සංවිධානයේ ලාංඡනය සහ ඡායාරූප ඇතුළත් මුද්දර නිකුත් කිරීමට යුරෝපා රටවල සිටින එල්.ටි.ටී.ඊ හිතවාදීන් පසුගිය සමයේ කටයුතු කළා. එමඟින් එල්.ටී.ටී.ඊ සංවිධානයට සහය දක්වන පිරිස්වල ප‍්‍රචාරක වැඩපිළිවෙල පැහැදිලිව අනාවරණ වු බවයි විදේශ කටයුතු අමාත්‍යංශය ප‍්‍රකාශ කළේ. ප‍්‍රංශය, බි‍්‍රතාන්‍ය සහ කැනඩාව යන රටවලදී එවැනි මුද්දර නිකුත් වු අතර ශ‍්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය ඊට විරෝධය පළ කළා. මෙවැනි කටයුතු සම්බන්ධයෙන් අවධානයෙන් සිට ඉදිරියේදී එවැනි දෑ සිදුනොවන්නට තානාපතිවරුන් අවශ්‍ය පියවර ගත යුතු බවයි විදේශ කටයුතු අමාත්‍යංශය දැනුම් දී ඇත්තේ.2012-01-16
එල්.ටී.ටී.ඊය ගැන අවධියෙන් සිටින්න
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.