2012-01-24

එල්.ටී.ටී.ඊ රැඳවුවන් පිරිසකට ස්ථාන මාරුවක්


නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි එල්.ටී.ටී.ඊ සැකකරුවන් පිරිසක් වෙනත් ස්ථානවලට මාරු කර තිබෙනවා. එල්.ටී.ටී.ඊ සැකකරුවන් 180 දෙනකු එලෙස වෙනත් ස්ථානවලට මාරු කර ඇති බවයි එහි සිටින වාර්තාකරු පවසන්නේ.

මේ අතර නව මැගසින් බන්ධනාගාරයේ රැඳවුවන් සහ නිලධාරින් අතර අද දහවල් ඇති වු ගැටුම මේ වන විට සමතයට පත්ව තිබෙනවා. රැඳවුවන් සියලූ දෙනාම පාහේ යළි ඔවුන් රඳවා සිටි වාට්ටුවලට ඇතුළු කළ බවයි බන්ධනාගාර නිලධාරීන් පවසන්නේ. එහෙත් රැඳවුවන් කිහිපදෙනකු තව දුරටත් බන්ධනාගාරයේ වහලය මත නැගි විරෝධතාවක නිරත වනවා. අලූතින් පත්ව ආ බන්ධනාගාර අධිකාරිවරයා අත්තනෝමතිකව කටයුතු කරන බවයි ඔවුන් පවසන්නේ.