ස්වර්ණවාහිණියෙන් විකාශය වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාරයන් මෙහෙයවන ”මුල්පිටුව“ වැඩසටහනට සහයදුන් නිවේදිකා දර්ශිකා දිසානායක එම වැඩසටහනට සමුදී තිබෙනවා. එම වැඩසටහනට සමුදුන් ඇය පසුගිය ඉරිදා ඕස්ටේ‍්‍රලියාව බලා පිටත්ව ගොස් ඇතැයි ද වාර්තා වනවා.
දර්ශිකා සිය සමුදීම සම්බන්ධයෙන් මාධ්‍යට පවසා තිබුණේ මෙවැනි අදහසකි.
”පහුගිය කාලෙ මං මගේ BSC සම්පූර්ණ කළා. MBA උපාධියත් ලබා ගත්තා. කොළඹ ජාත්‍යන්තර අධ්‍යාපන ආයතන දෙකක කථිකාචාර්යවරියක් ලෙසත් අවුරුදු එකහමාරක් මං වැඩ කළා. දැන් මගේ සිහිනය ආචාර්ය උපාධිය ලබා ගැනීම. මං ඕස්ටේ‍්‍රලියාවේ පදිංචියට ඉල්ලූම් කළේ අධ්‍යාපන කටයුතුවලට පහසු නිසා. මේ හැබෑ වුණේ හුඟ කලක් මං ප‍්‍රාර්ථනා කරපු ඒ හීනය....”
දර්ශිකාගේ ඕස්ටේ‍්‍රලියාවයානු ගමනේදී ඈ කළමනාකරණ හා ව්‍යාපාර අංශයෙන් ආචාර්ය උපාධිය සම්පූර්ණ කිරීමට නියමිතය. දර්ශිකා තොරතුරු තාක්ෂණික උපාධිධාරිනියකි. රජයේ විවිධ නීතිගත සංස්ධාවේ රැකියාවක නිරතව සිටි ඈ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්කුමාර සමග වසර පහ හමාරක කාලයක් මුල්පිටුව තුළින් දවසේ පුවත්පත් තොරතුරු රැගෙන එමින් පේ‍්‍රක්‍ෂකයන් අතර ජනපි‍්‍රයත්වයට පත් වූවාය.
කොළඹ සිරිමාවෝ බණ්ඩාරණායක විදුහලෙන් අධ්‍යාපනය ලද දර්ශිකා පාසල් සමයේදී නැටුම් හා කථීක අංශයෙන්ද දස්කම් දක්වා තිබේග
ඇයට ඉන්දීපනී දිසානායක නම් නැගණියක් ද සිටින අතර ඇගේ පියා පොලිස් නිලධාරියෙකිග
දර්ශිකාගේ පියා ජීවිතයෙන් සමුගෙන මේ වන විට වසර 15 ක් පමණ වන බවද පැවසේග