2013-05-12

සනත්ගේ මලිකාට රෙනෝ සිල්වා සිංගප්පූරුව පෙන්වයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය පසුගිය දිනයක (2012/11/23) නැවත විවාහ වූ බවට පුවතක් පැතිර ගිය අතර එය අන්තර්ජාලයේ පවා ඡායාරූප සමඟ පළ වී තිබුණි. ජයසූරිය එලෙස විවාහ වූයේ මලීකා සිරිසේනගේ නමැත්තියක් සමග බවද එම පුවත්වලින් කියැවුණා.
මලීකා සිරිසේනගේ වන ඇය ගුවන් සේවිකාවක් ලෙස කටයුතු කරන අතර සුපර් සික්ස් චිත්‍රපටයටද රංගනයෙන් දායක වී තිබුණි. නමුත් සනත් පවසන්නේ එය සත්‍යයෙන් තොර පුවතක් බවයි.
කෙසේ නමුත් සනත් ජයසූරියගේ තෙවැනි බිරිය වූ මලීකා සිරිසේන දුමින්ද සිල්වාගේ සහෝදරයා වන ඒ.බී.සී. මාධ්‍ය ජාලයේ ප්‍රධානී රෙනෝ ද සිල්වා සමග සිංගප්පූරුවේ සංචාරයකට ගොස් ඇති බව වාර්තා වනවා.
මෙම සිද්ධියත් සමග සනත් ජයසූරිය මහතා දැඩි කණගාටුවකින් පසුවන බවත් තොරතුරු වාර්තා වනවා. සනත්ටත් වඩා තම පුතාගේ තෙවැනි බිරිය මලීකාට ආදරය කළ සනත්ගේ මවද මේ සිදුවීම නිසා කනසල්ලෙන් පසුවන බව වැඩිදුරටත් කරුණු අනාවරණ වනවා.
සනත් ජයසුරිය පසුගිය කාලයේ මලීකා සිරිසේන සමග හොර රහසේ විවාහ වුවත් තවමත් ගමන් බිමන් යාමට සිදුවී ඇත්තේ සිය පරණ බිරිඳ හා දරුවන් සමගය.ඒ ලංකාවේ පවතින නීතියට අනුව පවතින විවාහය දික්කසදයකින් විවාහය කෙලවර කිරීමකින් තොරව තවත් විවාහයක් සිදුකරගත නොහැකි හෙයිනි.
එලෙස සිය පැරණි බිරිඳ සමගද සනත් චාරිකා යන්නේ ලෝකයාට පෙන්වීමටය. එම හේතුව නිසා සිත් අමනාප වී සිටින මලීකා සිරිසේන සන්සන්නටද සනත්ට පසුගිය දිනවල සිදුවී තිබේ. එම හේතුවෙන් සනත් පසුගිය දිනවල ශී‍්‍ර ලංකාව හා බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරගය දකුණු පළාතේ ගාල්ල ජාත්‍යන්තර කී‍්‍රඩාංගනයේ පැවැත්වෙන අතරතුරේදී සීතල නුවර එලියට ගොස් තිබුණි.
එලෙස සනත් එහි ගොස් තිබුනේ අමනාප වී සිටි මලීකා සිරිසේනගේ රූගත කිරීමක් නැරඹීමටද බව නිල නොවන ආරංචි මාර්ග සඳහන් කර සිටියා. කෙසේ නමුත් මලීකා විසින් සනත් සමග විවාහ වීමට පෙර පෙම් සම්බන්දතාවයක් පවත්වා තිබේ. සනත් හා මලීකාගේ විවාහ උත්සවය  පැවැතියේ  ඉතා රහසිගතව අන්දමිනි. එයට ආරාධනා ලැබුණේ 63 දෙනෙක්ට පමණකි.
උපුටා ගැනීම - පැපරාසි නිව්ස් ලංකා
http://www.paparasinewslanka.com/2013/05/sanathmaleeka-and-raynor-silva.html#more

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.