2012-01-16

සිරිකොතේ සිට සිරිකොත ප‍්‍රහාරය නරඹයි


එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානය වන සිරිකොතට ඉකුත් දා එල්ල වු ප‍්‍රහාරය දැක්වෙන වීඩියෝ පටයක් අද එහි කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දි ප‍්‍රදර්ශනය කර තිබෙනවා. එහි කාලය මිනිත්තු 45 ක්. වීඩියෝ පටය සකස් කරනු ලැබ ඇත්තේ පක්‍ෂයේ මාධ්‍ය ඒකකය විසින්.
පක්‍ෂ නිලවරණය පැවති දෙසැම්බර් 19 වැනි දින සිරිකොත පක්‍ෂ මූලස්ථානයට අදාල ප‍්‍රහාරය එල්ල කෙරුණා. එදින මධ්‍යහ්න 12 සිට ඇති වු සිද්ධින් අදාළ වීඩියෝ පටයට ඇතුලත්. පාක්‍ෂිකයින් කුපිත කරන ආකාරයෙන් හැසිරුණු එක්සත් ජාතික පක්‍ෂ පළාත් පාලන නියෝජිතයින් සහ ප‍්‍රධාන පෙලේ ආධාරකරුවන් වීඩියෝ පටය මගින් ඉස්මතු කර දක්වා තිබුණා. කෘත්‍යාධිකාරි මණ්ඩල රැුස්වීමේ දී අදාළ පළාත් පාලන නියෝජිතයින්ට දැඩි දෝෂාරෝපණ එල්ල වු බවයි පක්‍ෂ ආරංචි මාර්ග අනාවරණ කළේ. කෘත්‍යාධිකාරි මණ්ඩලය නියෝජනය කරන ඇතැම් සාමාජිකයින් ද එදින පාක්‍ෂිකයින් කුපිත වන අන්දමින් ප‍්‍රකාශ නිකුත් කර තිබෙනවා. ඔවුන්ට ද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී දැඩි විවේචන එල්ල වු බවයි පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩි දුරටත් අනාවරණ කළේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.