අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමේදි සිදුවු වරද පිළිබඳ සොයා බැලීම සඳහා ස්වාධින විද්වත් කමිටුවක් පත් කළ යුතු බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ ඒ මගින් පිළිගත හැකි විභාග ප්‍රතිඵලයක් යළි ලබා දීමට කටයුතු කළ යුතු බවයි. කොළඹ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
අධික මුදලක් වැය කර මිලදී ගත් පරිගණක පද්ධතිය සහ මෘදුකාංග පද්ධතියේ පවතින දෝෂ පිළිබඳව ද සොයා බැලිය යුතු බවයි මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ. සමස්ථ උසස් පෙළ ප්‍රතිඵලයට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගැනීම සහ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් කර ඇති බව ද ඔහු පැවසුවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.