2012-01-17

විරෝධතා දෙකක්


ගාල්ල ලබුදූව සිරිධම්ම විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ වැඩ තහනම අත්හිටුවන ලෙස ඉල්ලා අද උදෑසන උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වුණා. ඒ විද්‍යාලය ඉදිරිපිටයි.
දෙමාපියන් සහ ආදි ශිෂ්‍යයන් ඒකාබද්ධව පැවැත් වූ මෙම උද්ඝෝෂණය නිසා පාසලේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවූ බව වාර්තා වනවා.
විද්‍යාලයේ වාර අවසාන විවිධ ප‍්‍රසංගයේදී ඉදිරිපත් කළ නාට්‍යයකින් ජනාධිපතිවරයා දැඩි ලෙස විවේචනයට ලක් කිරීම නිසා පරීක්ෂණ පැවැත් වූ අධ්‍යාපන බලධාරීන් විදුහල්පතිවරයාගේ සේවය අත්හිටුවුවා.
මේ අතර කළුතර බෝබුවල මහා විද්‍යාලය ඉදිරිපිටද අද විරෝධතාවයක් පැවැත්වුණා. ඊට හේතු වූයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේදී සිදු වූ අසාධාරණයක්. විරෝධතාකරුවන් මෙහිදී ප‍්‍රකාශ කළේ විද්‍යාලය අවට පදිංචි දරුවන් 35 දෙනෙකුට එම විද්‍යාලයේ අධ්‍යාපන වරම් අහිමි වී ඇති බවයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.