2012-01-16

ඉන්දීය විදේශ ඇමති දිවයිනට


ඉන්දීය විදේශ අමාත්‍ය එස්.එම්.ක‍්‍රීෂ්ණා මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද පස්වරුවේ දිවයිනට පැමිණියා. ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකින් ඔහු මෙරටට පැමිණි බවයි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, අග‍්‍රාමාත්‍යවරයා සහ විපක්‍ෂ නායකවරයා සමග ද සාකච්ඡා කිරීමට
එස්.එම්. ක‍්‍රිෂ්ණා මහතා තීරණය කර තිබෙනවා. දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් සමග ද සාකච්ඡා කිරීමටයි එස්.එම්. ක‍්‍රිෂ්ණා මහතා තීරණය කර තිබෙන්නේ. එමෙන්ම ඉන්දීය ආධාර යටතේ මාතර සිට කොළඹ දක්වා ඉදිවෙන දක්‍ෂිණ අධිවේගි මාර්ගයේ කටයුතු ද ක‍්‍රිෂ්ණා මහතා විසින් නිරික්‍ෂණය කරනු ඇති.
ඉන්දීය විදේශ අමාත්‍යවරයා ශ‍්‍රී ලංකාවේ රැඳි සිටින කාලය තුළ දී යාපනයේ සංචාරයකට ද එක්වීමට නියමිතයි. එහිදී ඉන්දීය ආධාර යටතේ ඉදිකළ නිවාස ව්‍යාපෘති කිහිපයක් ද ඔහු විසින්  ජනතා අයිතියට පත් කරනු ඇති බවයි මෙරට පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප‍්‍රකාශ කළේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.