2012-01-16

නවුෆර් ෆවුසි අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග


පුද්ගලයකුට මරණිය තර්ජන එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතාගේ පුත්, පළාත් සභා මන්ත‍්‍රී නවුෆර් ෆවුසි මහතා අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය අද නියෝග කළා.
මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා මෙම නියෝගය නිකුත් කළේ  කොළඹ අපරාධ කොට්ඨාශයටයි. කොළඹ නිදහස් මාවතේ ගමන් ගනිමින් සිටි පුද්ගලයකුට නවුෆර් ෆවුසි මහතා පිස්තෝලයක් පෙන්වා මරණීය තර්ජන එල්ල කර ඇති බව පොලිසිය අධීකරණයට දැනුම් දුන්නා. එම පුද්ගලයා සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ පිළිබඳ කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුවත් කිරීමෙන් පසු අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව පරික්‍ෂණයක් ආරම්භ කළා. පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත‍්‍රාත්වරයා නවුෆර් ෆවුසි මහතා අත්අඩංගුවට ගන්නා ලෙසයි නියෝග කළේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.