2012-01-11

දක්ෂිණ අධිවේගයට තවත් බස් දෙකක්


දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය සඳහා අද සිට තවත් බස් රථ දෙකක් එක් කළ බව ශී‍්‍ර ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. එහි සභාපති එම්.ඞී. බන්දුසේන මහතා පවසන්නේ මුලින් යෙද වූ බස් රථ දෙකට මගීන්ගෙන් ඉහළ ප‍්‍රතිචාරයක් ලැබීම නිසා එම පියවර ගත් බවයි.
ඒ අනුව සෑම පැයකටම වරක් අධිවේගී මාර්ගයේ බස් රථයක් ධාවනය කෙරෙන බවද සභාපතිවරයා පැවසුවා.
මේ අතර අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය කිරීමට අවසර දෙන්නැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඉල්ලීමක් කර තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.